ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ගුරුදිනය සැමරීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

ආරම්භ කළ ස්ථානය අද උස්සාපිටිය සුධර්මාලංකාර පිරිවෙන තිබෙන ස්ථානයයි. විදුහලේ ආරම්භයට මූලික වී කටයුතු කරන ලද්දේ අලුපොත සුමනතිස්ස නායන හිමියන්ගේ මගපෙන්වීම යටතේ උස්සාපිටිය වලව්වේ රත්වත්තේ මහදිසාපතිතුමා සහ ආරච්චි වසම කළ වර්ෂකෝන් මුදියන්සේලාගේ පුංචිබණ්ඩා යන අයයි.උත්සවශ්‍රීයෙන් 1932.09.05 දින ආරම්භ කළ මෙම පාසලේ මුලින් ම බඳවාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 90කි.පිරිමි ළමුන් 67ක් සහ ගැහැණු ළමුන් 23ක් ලෙසය.පාසලේ මුල්ම සිසුවා වර්ෂකෝන්  මුදියන්සේලාගේ පියසේන වන අතර මුල්ම විදූහල්පති ලෙස පත්වූයේ එච්.බී.දිවිසේකර මහතාය.ගරු මණ්ඩලයේ සාමාජිකයින් වූයේ ජිනදාස මයා, ටි.බි.කන්දෙවත්ත මයා සහ පොඩි මැණාකේ මහත්මියයි.

රත්වත්තේ මහදිසාවේ විසින් කාරියගම රජමහා විහාරයට පරිත්‍යාග කරන ලද මෙම භූමියට 1974.09.07 දින පාසල රැගෙන එන ලදි.අලුපොත සුමනතිස්ස නාහිමියන්ගේ ගුරුදේවයන් වූ අට්ටාපිටිය ශ්‍රී සුමංගල ධර්මකථික නායක හිමියන්ගේ නාමය සිහිවීම පිණිස 1970 වසරේ මෙම විදුහලේ විදුහල්පති ලෙස පත්ව ආ උඩපමුණුව මහතා විසින් කුමාර විද්‍යාලය නමින් පවත්වාගෙන ආ මෙම පාසලට උස්සාපිටිය ශ්‍රී සුමංගල යන නම යෙදීමට කටයුතු කරන ලදි.

ආරම්භ කළ වර්ෂය

1932.09.05

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

90

මුල් ගුරුතුමාගේ නම

එච්.බී.දිවිසේකර මහතා

පාසලේ ආදි කතෘගේ නම

අලුපොත සුමනතිස්ස නායන හිමි

උස්සාපිටිය වලව්වේ රත්වත්තේ මහදිසාපතිතුමා 

ආරච්චි වසම කළ වර්ෂකෝන් මුදියන්සේලාගේ පුංචිබණ්ඩා මයා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මුල් නම - කුමාර විද්‍යාලය

වර්තමාන නම - උස්සාපිටිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

පාසල පැවැත්වූ ස්ථානය

අද උස්සාපිටිය සුධර්මාලංකාර පිරිවෙන තිබෙන ස්ථානයයි

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

වර්ෂකෝන්  මුදියන්සේලාගේ පියසේන

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1932.09.05