විදුහලේ ආරම්භයට මූලික වී කටයුතු කරන ලද්දේ අලුපොත සුමනතිස්ස නායන හිමියන්ගේ මගපෙන්වීම යටතේ උස්සාපිටිය වලව්වේ රත්වත්තේ මහදිසාපතිතුමා සහ ආරච්චි වසම කළ වර්ෂකෝන් මුදියන්සේලාගේ පුංචිබණ්ඩා යන අයයි. උත්සවශ්‍රීයෙන් 1932.09.05 දින ආරම්භ කළ මෙම පාසලේ මුලින් ම බඳවාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 90කි. පිරිමි ළමුන් 67ක් සහ ගැහැණු ළමුන් 23ක් ලෙසය. පාසලේ මුල්ම සිසුවා වර්ෂකෝන් මුදියන්සේලාගේ පියසේන වන අතර මුල්ම විදූහල්පති ලෙස පත්වූයේ එච්.බී.දිවිසේකර මහතාය. ගරු මණ්ඩලයේ සාමාජිකයින් වූයේ ජිනදාස මයා, ටී.බි.කන්දෙවත්ත මයා සහ පොඩි මැණිකේ මහත්මියයි.